අප පිළිබඳව වැඩිදුරටත්

Associated Motor Finance Co. PLC (හෙවත් AMF) යනු 1988 අංක 78 දරණ මූල්‍ය සමාගම් පනත අනකූලව ශ්‍රී  ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය යටතේ ලියාපදිංචි කරන ලද රජයේ අනුමත මූල්‍යායතනයකි
https://www.amf.lk/wp-content/uploads/2015/07/1.jpg

අපගේ දැක්ම


අපගේ ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර සුවිශිෂ්ට මූල්‍ය ආයතනයක් ලෙස වැජඹීමට සහ අපගේ පාර්ශ්වකරුවන් විසින් කරන ලද ආයෝජන මත පදනම්ව සිට කර්මාන්තයේ පොදු තලයෙන් වඩාත් ඉහළ සහ උපරිම ප්‍රතිලාභයක් ආපිට ඔවුන් වෙත පිරිනැමීම.

අපගේ අරමුණ


කැපවූ සහ ගුණාත්මක සේවාවක් හරහා පාරිභෝගිකයන්ට විශිෂ්ට මුල්ය විසඳුම් සහ නව්‍යකරනය වූ කල්බදු විසඳුම් සැපයීම මගින් ඔවුන්ගේ මූල්‍යමය අවශ්‍යතා සපුරාගැනීමට සහයවන ප්‍රමුඛතම මූල්‍ය ආයතනය බවට පත්වීම.
https://www.amf.lk/wp-content/uploads/2015/07/2.jpg

ඉතිහාසය


https://www.amf.lk/wp-content/uploads/2015/07/history_associated_motor_finance-320x205.jpg
jjjjj

AMF ආයතනය අභාවප්‍රාප්ත ජෙ.පී. අයි පියදාස මහතා විසින් 1962 වසරේ ජුලි මස 25 දින පිහිටුවා 1938 අංක 51 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කර, පසුකාලීනව 2007 අකං 07 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇත. 1960 සහ 1980 යුගයේ ශ්‍රී ලංකාව සංවෘත ආර්ථික ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කළ වාතාවරණයක් තුළ, හෙතෙම විචක්ෂණ සහ දූරදර්ශී ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කළේය. ව්‍යාපාරික ලෝකයේ කැපී පෙනෙන විශිෂ්ට චරිතයක් වූ ඔහු, දේශීය අමුද්‍රව්‍ය සහ නිමි භාණ්ඩ භාවිතය සහ ප්‍රවර්ධනය පිළිබඳ විවිධ ව්‍යාපාර කටයුතු වලද නිරතව සිටියේය. 1995 වසරේදී නිර්මාතෘවරයාගේ අභාවයෙන් පසු, සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ධුරයට ජේ.පී.අයි. නාලක දයාවංශ මහතා පත් වූයේ, මුල්ය ක්ශේත්‍රය පිළිබඳව ඔහු සතුව පැවැති අපරිමිත දැනුම සහ අත්දැකීම් නිසාමය. පසුගිය වසර කිහිපය තුළ යුද්ධය පැවැති සමයේදී පවා අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් ජයගැනීමට සමාගමට හැකිවූ අතර, තීරණාත්මක සන්ධිස්ථාන රාශියක් සලකුණු කිරීමටද හැකි විය. සමාගම් ඉතිහාසය තුළ ඉහළම ලාභය සහ තැන්පතු වර්ධනය වාර්තා කිරීම ඒ අතුරින් එකක් පමණි. අප සමාගම මූලිකවම ලියාපදිංචි කළ සහ නොකළ යතුරුපැදි සහ ත්රිරෝද රථ සඳහා කල්බදු සහ හයර් පර්චස් පහසුකම් සපයනු ලබයි. මෙම අංශය ක්ෂේත්රයේ වැඩි අවදානමක් සහිත අංශයක් ලෙසින් හඳුන්වනු ලැබුවද , අප සමාගම එය ඉතා මනාව හසුරුවා ඇති බව AMF ආයතනයේ මුල්ය වාර්තා විසින් සාක්ෂි සපයයි. එසේම අප ආයතනය 1988 අංක 78 දරන මුල්ය සමාගම පනතට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය යටතේ ලියාපදිංචි කරන ලද මුල්ය ආයතනයකි. ශාඛා ජාලයක් නොමැතිවීම AMF හී ව්‍යාපාරික කටයුතු සඳහා කිසිවිටක් බාධාවක් නොවන අතර, පවතින යටිතල පහසුකම්, සැපයුම්කරුවන්ගේ සහ බැංකුකරුවන්ගේ සහය යනාදිය සමාගමේ අභිවෘද්ධිය උදෙසා මනාව භාවිතා කොට ඇත. දිවයින පුරා විසිරුණු අලෙවි නියෝජිත ජාලය මගින් පාරිභෝගිකයන්ට නව කල්බදු ලබාදීම, දිවයින පුරා විසිරුණු සැපයුම්කරුවන් සිටීම AMF පාරිභෝගිකයන්ට සිය මාසික වාරිකය දිවයිනේ ඕනෑම කොමර්ෂල් බැංකුවකට ගෙවීමට අවස්ථාව සලසා තිබීම සහ එමගින් බදුගෙවීමේ සහ නැවත අයකරගැනීමේ ක්‍රමවේදය පුළුල් කර තිබීම යනාදිය එයට පැහැදිළි උදාහරණ වේ.

අපගේ මූලික වටිනාකම්


පාරිභෝගිකයන්

අපගේ හැකියාවට අනුකූලව ඔවුන්ගේ මුල්යමය ඉලක්ක සපුරාගැනීමට අවශ්ය විශ්වාසනීය සහ අඛණ්ඩ සේවාවක් ලබාදීම අපගේ අභිලාෂයයි.

තැන්පතු හිමියන්

අපගේ තැන්පතු හිමියන්ට, නියාමන රෙගුලාසීන්ට යටත්ව ඉහළම ප්‍රතිලාභ ලබාදීමටත්, ඔවුන්ගේ ධනය සුරක්ෂිත කිරීමටත් අපි කැපවී සිටිමු.

කොටස් හිමියන්

අපගේ ව්‍යාපාර කටයුතු සියල්ල කළමණාකරනය කොට ස්ථිරසාර ඉහළ ප්‍රතිලාභ ආයෝජකයන්ට ලබාදීමෙන්, කොටස් හිමියන්ගේ විශ්වාසය තහවුරු කිරීමට අපි කැප වන්නෙමු.

සේවා නියුක්තිකයන්

කණ්ඩායම් හැඟීම සහ ක්‍රියාකරීත්වය ප්‍රවර්ධනය කරන සංස්කෘතියක් ගොඩනැගීමටත්, නව මූලාරම්භයක් ඇතිකරමින් ධනාත්මක වෙනස්කම් ඇතිකිරීම හරහා අපගේ ව්‍යාපාරික මෙහෙයුම් අඛණ්ඩව වැඩි දියුණු කිරීමටත්, අපි සියළු මට්ටම්වල සේවකයන් දිරිමත් කරන්නෙමු.


අප පිළිබඳව

logo-footer-amf

Associated Motor Finance Co. PLC (හෙවත් AMF) යනු 1988 අංක 78 දරණ මූල්‍ය සමාගම් පනත අනකූලව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය යටතේ ලියාපදිංචි කරන ලද රජයේ අනුමත මූල්‍යායතනයකි.