කළමනාකරණ කණ්ඩායම

අපගේ ස්ථිරසාර ආයතනික උරුමය පසුපස වන දැවැන්ත බලවේගය

අපගේ විශිෂ්ට ආයතනය බිහිකොට වැඩි දියුණු කිරීමෙහිලා නිරන්තරයෙන් කැපවන, අත්දැකීම් සම්භාරයක් සහිත ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කණ්ඩායම මෙතෙක් ආයතනය ළඟාකරගෙන ඇති සාර්ථකත්වයේ ප‍්‍රධාන කොටස්කරුවෝ වෙති. සාම්ප‍්‍රදායික සීමාවන්ගෙන් ඔබ්බට යමින්, රථ වාහන සඳහා මුල්‍ය විසඳුම් ලබාදීමට කටයුතු කරන අප සමාගම සතුව, සෑම පාරිභෝගියකු උදෙසාම ගැලපෙන විසඳුමක් සමගින් පූර්ණ විනිවිදභාවයක්ව ද පවත්වාගැනීමට හැකිවන්නේ එකී කළමනාකරණ කණ්ඩායමේ අනභිබවනීය මගපෙන්වීම නිසාය.

අධ්‍යක්‍ෂ මණ්ඩලය


ආචාර්ය රොහාන් කරුණාරත්න PhD (USA) (සභාපති/ විධායක නොවන අධ්‍යක්‍ෂ)

Chairman / Non Executive Director), Ph.D (U.S.A.), Ph.D (Sussex), M.B.A. (London), B. Eng. (India

ආචාර්ය රොහාන් කරුණාරත්න මහතා වරලත් සිවිල් ඉංජිනේරුවරයකු මෙන්ම ඉදිකිරීම් කළමනාකරණ්‍ය සහ ව්‍යාපාර කළමනාකරණය යන විෂය ක්‍ෂේත‍්‍රයන්හී ආචාර්ය උපාධිධාරියෙකි. ව්‍යාපාර පරිපාලනය පිළිබඳ MBA උපාධියද ලබා ඇති ඔහු සතුව සිවිල් ඉංජිනේරු ක්‍ෂේත‍්‍රයට අදාළ පහත දැක්වෙන වෘත්තීය සුදුසුකම් රාශියක්ද ඇත. ඉංජිනේරු සංසදයේ උපාධිධාරියෙකි (ලන්ඩන්) ඉංජිනේරු සහ කාර්මික ශිල්පීන්ගේ ආයතනයේ සාමාජිකයෙකි ජාත්‍යන්තර කළමනාකරණ ආයතනයේ සාමාජික IV. ලංකා ඉංජිනේරුවන්ගේ ආයතනයේ සාමාජික සිවිල් ඉංජිනේරු ක්‍ෂේත‍්‍රය, ගොඩනැගිලි ඉදිකිරීම්, ඉංජිනේරු උපදේශක මණ්ඩල, ඉදිකිරීම් පුහුණුව, සිවිල් ඉදිකිරීම් පිළිබඳ දේශන, නිර්මාණකරණය සහ සැලසුම්කරණය ආදී ක්‍ෂේත‍්‍රයන් රාශියක වසර 27කට අධික කාලයක් විවිධ ධුරයන් හොබවමින් අත්දැකීම් ලබා ඇති හෙතෙම වර්තමානය වන විට පහත දැක්වෙන ආයතනයන්හී ප‍්‍රධාන ධුරයන් ගණනාවක කටයුතු කර තිබේ. සභාපති- මානව සම්පත් සංවර්ධන (පුද්ගලික) සමාගම උප සභාපති- ජාත්‍යන්තර කළමනාකරණ ආයතනය හිටපු සභාපති (ඉකුත් ධුර කාලය)- ශ‍්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය හිටපු සභාපති (ඉකුත් ධුර කාලය) – ඉදිකිරීම් පිළිබඳ උසස් පුහුණු ආයතනය හිටපු සභාපති (ඉකුත් ධුර කාලය)- NCASL ඉදිකිරීම් (පුද්) සමාගම

ජේ.පී.අයි නාලක දයාවංශ (කළමනාකාර අධ්‍යක්‍ෂක)

නාලක දයාවංශ මහතා ජර්මනියේ ‘ස්ටුට්ගාඞ්’ විශ්ව විද්‍යාලයේ මෝටර් රථ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාධාරියකු වන අතර ඩිමෝ, මර්සිඞීස් බෙන්ස් ්ඨ සහ ඊදිජය ඨපඉය යන ආයතනයන්හී අභ්‍යාස ලාභියෙකි. මෝටර් රථ ඉංජිනේරු විද්‍යාව පිළිබඳව ඔහු සතුව පවතින දැනුම් සම්භාරය මෙන්ම ජාතික සහ ජාත්‍යන්තර තලයේ ලබා ඇති මනා පුහුණුව නිසාම 1983 වර්ෂයේදී ඉම්පීරියල් ආනයන සහ අපනයන (පුද්ගලික) සමාගම යන නමින් තමන්ගේම ව්‍යාපාරයක් ඇරඹීමට ඔහු සමත් වූයේ එම ක්‍ෂේත‍්‍රයේ පුරෝගාමියකු බවට ද පත්වෙමිනි. එම සමාගම මගින් භාවිතා කරන ලද ඉහළ පෙළේ මෝටර් රථ මෙන්ම, ගොවිබිම් සහ චාලක උපකරණ, ප‍්‍රයිම් මූවර් ආදියද එංගලන්තයේ සිට මෙරටට ආනයනය කරනු ලබයි. තවද ඔහු ආර්ථික විද්‍යා සහ කළමනාකරණ ලන්ඩන් විද්‍යාලයේ ආර්ථික විද්‍යාව සහ කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකි. 1982 වර්ෂයේදී ‘ඇසෝසියේටඞ් මෝටර් ෆයිනෑන්ස් (පුද්) සමාගමෙහි විධායක අධ්‍යක්‍ෂවරයෙකු ලෙසින් පත්වූ ඔහු, 1995 වර්ෂයේ සිය පියා වූ නැසීගිය ජේ.පී.අයි පියදාස මහතාගේ අභාවයෙන් පසු එම සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්‍ෂධුරයට පත්විය. මුල්‍ය ක්‍ෂේත‍්‍රය, සංචාරක සහ හෝටල්, නිමි ඇඳුම්, ආනයන සහ අපනයන ආදී විවිධ ක්‍ෂේත‍්‍ර රැුසක, වසර 30කට අධික කාලයක විශාල සහ පැතිරුණු අත්දැකීම් සමුදායක් ඔහු සතුව පවතී. වර්තමානය වනවිට ඔහු නිමි ඇඳුම් අපනයන සමාගමක් වන පොලිටෙක් (ලංකා) ලිමිටඞ් හී සභාපති මෙන්ම, භාවිතා කරන ලද රථවාහන මෙරටට ආනයනය කරන ඉම්පීරියල් ඉම්පෝර්ට් ඇන්ඞ් එක්ස්පෝට් (පුද්ගලික) සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්‍ෂ වශයෙන්ද කටයුතු කරයි.

ශනිල් දයාවංශ මහතා (BA) – විධායක අධ්‍යක්‍ෂ

ජේ.පී.අයි ශනිල් දයාවංශ මහතා එංගලන්තයේ එසෙක්ස් විශ්ව විද්‍යාලයේ ගිණුම්කරණය සහ කළමනාකරණය පිළිබඳ උපාධිධාරියෙක් වන අතර දැනට ඔස්ටේ‍්‍රලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධිය හදාරමින් සිටියි. 2009 ඇසෝසියේට් මෝටර් ෆයිනෑන්ස් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට පත්කෙරුණු ඔහු සිය නව යොවුන් ජවය සමගින් අධ්‍යක්‍ෂ මණ්ඩලය ශක්තිමත් කරමින්ද, මුල්‍යමය සහ ගිණුම්කරණ අංශයන්හී විනිවිදභාවය සහ නිවරද්‍යභාවය වඩාත් තහවුරු කරමින්ද කටයුතු කරනු ඇත.

ඩබ්ලිව්.ඒ.එස් දයාවංශ මහත්මිය (අධ්‍යක්‍ෂක)

ඩබ්ලිව්.ඒ.එස් දයාවංශ මහත්මිය 1995 වර්ෂයේදී ඇසෝසියේට් මෝටර් ෆයිනෑන්ස් සමාගමේ විධායක අධ්‍යක්‍ෂවරියක් ලෙස පත්විය. තවද ඇය නිමිඇඳුම් අපනයන සමාගමක් වන ඉම්පීරියල් ඉම්පෝර්ට් ඇන්ඞ් එක්ස්පෝර්ට් (පුද්ගලික) සමාගමේද අධ්‍යක්‍ෂ ධුරයක් දරන අතර ප‍්‍රමුඛ පෙළේ නිමි ඇඳුම් වෙළඳසලක් වන ‘අයන්ති’ හී කළමණාකරණ හවුල්කාරිණියක් ලෙසද කටයුතු කරයි. මුල්‍ය ක්‍ෂේත‍්‍රය, නිමි ඇඳුම්, ආනයන සහ අපනයන යනාදී ක්‍ෂේත‍්‍ර ගණනාවක වසර 15ක අත්දැකීම් ඇය සතුය.

කේ.ඞී,යූ.එස් නානායක්කාර මහතා (විධායක නොවන, ස්වාධීන අධ්‍යක්‍ෂ)

නානයක්කාර මහතා කොලඹ විශ්ව විද්‍යාලයේ ශුද්ධ ගණිතය සහ භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යා උපාධිධාරියකු වන අතර, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයේ එම්.බී.ඒ උපාධිධාරියකුද වෙයි. එසේම ඔහු එංගලන්තයේ කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයකුද වේ. මාස් හෝල්ඞ්න්ග්ස් හී පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන ‘Linea Intimo’ සමග එක්වෙමින් 1999 වර්ෂයේදී තම වෘත්තීය දිවිය ඇරඹූ ඔහු, දැනට ‘මාස් හෝල්ඩිංග්ස් ’ ආයතනයේ දෙවැනි විශාලතම අංශය වන ‘MAS ඇක්ටිව් මුල්‍ය සහ සැලසුම්කරණ’ අංශයේ අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කරයි. චීනය සමග නිමැවුම් හවුල්කාරීත්වයක් බිහිකිරීමටත්, ඉන්දියාව සහ ජෝර්දානයෙහි නිශ්පාදන අනුබද්ධිත ආයතන ඇතිකිරීමටත් ක‍්‍රියාකාරීව කටයුතු කළ ඔහු, උතුරු පළාත තුළද නිශ්පාදන පහසුකම් ඇතිකිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළේය. 2012 වර්ෂයේදී ඔහුගේ මගපෙන්වීම යටතේ ‘CIMA සිද්ධි අධ්‍යයන/ විෂය අධ්‍යයන සම්මානය දිනාගැනීමට ‘මාස් ඇක්ටිව්’ හී මුල්‍ය කණ්ඩායම සමත් වූ අතර එයට ඉදිරිපත් කෙරුණු සිද්ධි අධ්‍යයනයට පදනම් වී තිබුණේ Lean Enterprise ක‍්‍රමවේදය හඳුන්වාදීමෙන් පසු සේවා ක‍්‍රියාකාරීත්වයේ ඇතිවූ පිබිදීමයි.

එල්.ඞී. ඩබ්ලිව් එදිරිසූරිය මහතා (විධායක නොවන ස්වාධීන අධ්‍යක්‍ෂ)

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වානිජවේදී විශේෂ උපාධිධාරියකු වන ඔහු, ‘එදිරිසූරිය සහ සමගම’ හි පුහුණු වරලක් ගණාකාධීකරීවරයෙකුද වෙයි. ශ‍්‍රී ලංකා වරළත් ගණාකාධිකාරී වරුන්ගේ සංගමයේ සහකාර සාමාජිකයකු මෙන්ම, සහතික ලද කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ සමාජිකයෙකු වන ඔහු සතුව විගණනය, මුල්‍ය කළමනාකරණය, අරමුදල් කළමනාකරණය, ලැයිස්තුගත සමාගම් හී ලේඛන කටයුතු සහ උපදේශනය, සංස්ථා මණ්ඩල සහ බැංකු ක්‍ෂේත‍්‍රය ආදී ක්‍ෂේත‍්‍ර ගණනාවක් වසර 25කට අධික වෘත්තීය අත්දැකීම්ද පවතී. වී අලෙවි මණ්ඩලය, රාජ්‍ය වැවිලි සංස්ථාව, නැව් සංස්ථාව සහ ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය ආදී ආයතනයන්හී ගිණුම් හැසිරවීම, විගණනය සහ කළමනාකරණය ඇතුළු අංශයන්හී විවිධ ජ්‍යෙෂ්ඨ සහ විධායක තනතුරු ඔහු විසින් දරා තිබේ. එසේම ඔහු ෂක්‍්ීඛ ඇතුළු විවිධ ආයතනවල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙසද සේවය කරයි. එදිරිසූරිය මහතා දැනට සමාගම් ලේඛන සහ කළමනාකරණ උපදේශනය සිදුකරන සමාගමක් වන ඇක්සස් (පුද්ගලික) සමාගමෙහි කළමනාකර අධ්‍යක්‍ෂක ලෙසද කටයුතු කරයි.

නායකත්වය සහ අප කණ්ඩායම


https://www.amf.lk/wp-content/uploads/2015/11/Sallay-320x214.jpg
jjjjj

ටී.එම්.ඒ සාලි (ප‍්‍රධාන විධායක නිලධාරී)

ඔස්ටේ‍්‍රලියානු සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ පූර්ණ සාමාජිකයකු සහ එංගලන්ත කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ අර්ධ සුදුසුකම්ලාභී සාමාජිකයෙකු වෙයි. ඔහු දැනට මැලේසියාවේ ‘ඒෂියා-ඊ’ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධිය හදාරමින් සිටින අතර, ඔහු සතුව මුල්‍ය ක්‍ෂේත‍්‍රය, විගණනය, අලෙවිකරණය, ණය දීම සහ අයකරගැනීම, ව්‍යාපෘති කළමනාකරණය සහ ඉසව් කළමනාකරණය ආදී ක්‍ෂේත‍්‍රයන්හී වසර 30කට අධික වෘත්තීය සුදුසුකම් ද තිබේ. මුල්‍ය ක්‍ෂේත‍්‍රය, ආගන්තුක සත්කාර සහ කළමනාකරණය, සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය, ජාත්‍යන්තර ඉසව් සංවිධානය, සන්නිවේදනය, වෙළඳාම් සහ නිශ්පාදනය ආදී ක්‍ෂේත‍්‍ර රැුසකට අදාළ සමාගම් ගණනාවක මෙහෙයුම් මට්ටමේ සිට උපායමාර්ගික මට්ටම දක්වාම එකිනෙකට වෙනස් තනතුරු රැුසක් ඔහු විසින් හොබවනු ලැබ ඇත. 1997 දී ඇසෝසියේට් මෝටර් ෆයිනෑන්ස් සමාගමට කණ්ඩායම් ගණකාධිකාරීවරයෙකු ලෙසින් එක් වූ ඔහු පසුව ප‍්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී තනතුරු දක්වා උසස්වීම් ලැබීය. ශ‍්‍රී ලංකා මහබැංකුව විසින් නියාමනය කරන ලද ආයතනවල වසර 20ක පමණ අත්දැකීම් සම්භාරයක් ඔහු සතුව ඇතත්, සාමාන්‍යාධිකාරී තනතුරට පත්වීමෙන් පසු ඔහුගේ වැඩි අවධානය මුල්‍ය ආයතනයේ සමස්ත පරිපාලනය පිළිබඳව යොමුවිය. කෙසේවෙතක්, සියළුම මුල්‍යායතන වලට දැඩිසේ බලපාන වත්මන් නියාමන අවශ්‍යතා නිසා ඔහු සිය මූලික අවධානය ආයතනයේ ඉතාම වැදගත් අංශය වන මුල්‍ය අංශය කෙරෙහි යොමු කර ඇත.
https://www.amf.lk/wp-content/uploads/2015/11/prof-pic-dummy-320x214.jpg
jjjjj

කේ.අයි.එස් ගේ‍්‍රරෝ – කළමනාකාර – අලෙවිකරණ (රථවාහන)

විකිණුම් සහ අලෙවිකරණ ක්‍ෂේත‍්‍රයන්හී වසර 19ක අත්දැකීම් ඇති ඔහු, සංචාරක සහ මුල්‍ය ක්‍ෂේත‍්‍රයන්හී වසර 11ක් පුර කළමනාකරණ තනතුරු දරා ඇත.
https://www.amf.lk/wp-content/uploads/2015/11/Shantha-320x214.jpg
jjjjj

ජී.එස්.එස්. ගුණසේකර – ජ්‍යෙෂ්ඨ කළමනාකාර – අලෙවිකරණය (කල්බදු සහ හයර් පර්චස්)

ගුණසේකර මහතා ආසියානු ලංකා වෘත්තීය අධ්‍යාපන පීඨයේ අලෙවිකරණය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකු සහ වෘත්තීය ගණකාධිකාරී අභ්‍යාස ආයතනයේ ප‍්‍රායෝගික ගිනුම්කරණය පිළිබඳ උසස් ඩිප්ලෝමාධාරියෙකි. ශ‍්‍රී ලංකා ශ‍්‍රී ලංකා ගණකාධිකාරී ශිල්පීන්ගේ අර්ධ සුදුසුකම්ලත් සාමාජිකයෙකු වන මොහු, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහජන කළමනාකරණය පිළිබඳවද ඩිප්ලෝමාධාරියෙකි. මුල්‍ය ක්‍ෂේත‍්‍රයේ වසර 23ක ඇත්දැකීම් සහිත ඔහු, ඉන් වසර 12ක්ම ගතකර ඇත්තේ කළමනාකරණ තනතුරු හොබයමිනි.
https://www.amf.lk/wp-content/uploads/2015/11/Nilan-320x214.jpg
jjjjj

පී.ඒ නිලාන් පෙරේරා – ජ්‍යෙෂ්ඨ කළමනාකාර -මුල්‍ය සහ තොරතුරු තාක්‍ෂණ

පෙරේරා මහතා ශ‍්‍රී ලංකා ගණකාධිකාරී ශිල්පීන්ගේ සංගමයේ අර්ධ සුදුසුකම්ලත් සමාජිකයෙකු වන අතර, ශ‍්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකරණ ආයතනයේ ලියාපදිංචි ශිෂ්‍යයෙකි. එසේම ඔහු දැනට කොළඹ විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ භාහිර උපාධියද හදාරමින් සිටියි. ගිණුම්කරණ ක්‍ෂේත‍්‍රයේ වසර 22ක පළපුරුද්දක් ඇති ඔහු ඉන් වසර 8ක් කළමනාකරණ තනතුරු දරා ඇත.
https://www.amf.lk/wp-content/uploads/2015/11/prof-pic-dummy-320x214.jpg
jjjjj

වජිර පණ්ඩිතරත්න – ජ්‍යෙෂ්ඨ කළමනාකාර- ණය අයකරගැනීම්

පණ්ඩිතරත්න මහතා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලේඛකත්ව සහ ජනසන්නිවේදන ඩිප්ලෝමාධාරියෙකු මෙන්ම, මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකුද වේ. ඔහු ICASL ආයතනයේ අලෙවිකරණය පිළිබඳ සහතිකපත‍්‍ර පාඨමාලාව සාර්ථකව නිමකර සිටියි. මුල්‍ය ක්‍ෂේත‍්‍රයේ වසර 12ක සහ ජනමාධ්‍ය සන්නිවේදන ක්‍ෂේත‍්‍රයේ වසර 8ක අත්දැකීම් සහිත ඔහු මෙම කාලපරිච්ෙඡ්දයෙන් වසර 5ක් කළමනාකාර ධුරයන්හී කටයුතු කර ඇත.

අප පිළිබඳව

logo-footer-amf

Associated Motor Finance Co. PLC (හෙවත් AMF) යනු 1988 අංක 78 දරණ මූල්‍ය සමාගම් පනත අනකූලව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය යටතේ ලියාපදිංචි කරන ලද රජයේ අනුමත මූල්‍යායතනයකි.